2023 දී ChatGPT ආවම අපි පුදුම වුණේ එයා උත්තර දෙන වේගය (Speed) දැකලා. නමුත් 2026 වෙද්දී ලෝකයම කතා කරන්නේ AI වල වේගය ගැන නෙවෙයි; එයාගේ “ඉවසීම” ගැනයි.

ඔබ දැක්කද අලුත් AI මාදිලි (OpenAI o1, DeepSeek-R1) ප්‍රශ්නයක් ඇහුවම එකපාරටම උත්තරේ දෙන්නේ නැතුව, තත්පර ගණනක් (හෝ විනාඩි ගණනක්) “Thinking…” කියලා පෙන්නගෙන ඉන්නවා? ඇයි මේ? AI එක ස්ලෝ (Slow) වෙලාද? නැහැ. AI එක පළමු වතාවට “හිතන්න” (Reason) පටන් අරන්.

System 1 vs. System 2: මිනිස් මොළයේ සිට AI මොළයට

මනෝවිද්‍යාවේදී (Daniel Kahneman ට අනුව) අපේ මොළය වැඩ කරන ක්‍රම 2ක් තියෙනවා:

  1. System 1 (Fast Thinking): බැලූ බැල්මට එන උත්තර. (උදා: 2+2 කීයද? ඔබේ නම මොකක්ද?) – මේක වේගවත්, හැබැයි වැරදෙන්න පුළුවන්.
  2. System 2 (Slow Thinking): කල්පනා කරලා ගන්න උත්තර. (උදා: 17 x 24 කීයද? අලුත් ගෙයක් හදන්න කොච්චර යයිද?) – මේක හිමින්, හැබැයි නිවැරදියි.

මෙච්චර කල් (GPT-4 වෙනකම්) AI වැඩ කළේ System 1 එකෙන්. ඒ කියන්නේ “කට පාඩම් උත්තර”. නමුත් 2026 දී, DeepSeek-R1 සහ OpenAI o1 වගේ මාදිලි වැඩ කරන්නේ System 2 එකෙන්.

මොකක්ද මේ වෙනස? (The “Chain of Thought”)

ඔබ පරණ AI එකකට (GPT-4) ගණිත ගැටළුවක් දුන්නොත්, එයා කරන්නේ අන්තර්ජාලයේ තියෙන සමාන ගැටළුවක් මතක් කරගෙන ඉක්මනට උත්තරේ දෙන එකයි. එතනදි එයාට වරදින්න පුළුවන්.

නමුත් අලුත් Reasoning Models කරන්නේ මෙහෙමයි:

  1. ප්‍රශ්නය කුඩා කොටස් වලට කඩා ගන්නවා.
  2. එක පියවරක් කරලා, ඒක හරිද කියලා එයාම චෙක් (Self-Check) කරනවා.
  3. වැරදිලා නම්, ආපහු මුලට ගිහින් වෙන ක්‍රමයකට හදනවා.
  4. අන්තිමට හරි උත්තරේ විතරක් ඔබට දෙනවා.

මේ ක්‍රියාවලියට කියන්නේ “Chain of Thought” (සිතුවිලි දාමය) කියලා. මේ නිසා තමයි අලුත් AI වලට විද්‍යාත්මක පර්යේෂණ (Research), සංකීර්ණ කෝඩින් (Coding) සහ නීතිමය තර්ක කිරීම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

DeepSeek-R1: චීනයෙන් ආ අභියෝගය

2026 මුල ලෝකයම හෙල්ලුනේ චීනයේ DeepSeek සමාගම නිසා. ඔවුන්ගේ DeepSeek-R1 මාදිලිය, ඇමරිකාවේ ඩොලර් බිලියන ගණන් වියදම් කරපු AI මාදිලි වලට සමාන “තර්ක කිරීමේ හැකියාවක්” (Reasoning Ability) පෙන්නුම් කළා—හැබැයි ඉතාම අඩු වියදමකින්. මෙය AI ලෝකයේ ඒකාධිකාරිය (Monopoly) බිඳ දමන්නක් වුණා.

Pariganaka.com Insight: The Final Human Update

අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ “වේගය” (Speed) කියන්නේ බුද්ධිය කියලා. නමුත් AI අපිට උගන්වනවා “ඉවසීම” (Pause) තමයි නියම බුද්ධිය කියලා.

යන්ත්‍රයක් පවා උත්තරයක් දෙන්න කලින් තත්පරයක් “හිතනවා” නම්, මනුෂ්‍යයෙක් වන ඔබ තීරණයක් ගන්න කලින් කොච්චර හිතන්න ඕනද? 2026 දී දිනන්නේ වේගයෙන් ටයිප් කරන කෙනා නෙවෙයි; ගැඹුරින් හිතන (Deep Thinking) කෙනායි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *