Firstpost (FP Explains) නාලිකාවේ මෑතකදී විකාශය වූ “China Launches World’s First AI Credit Card, Here’s How It Works” නම් වැඩසටහන හරහා පාරිභෝගික මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවන විශාල පෙරළියක් පිළිබඳව ලොව පුරා දැඩි අවධානයක් යොමු විය.
මෙම වාර්තාවන්ට අනුව, චීනයේ හඳුන්වා දුන් නව ක්‍රෙඩිට් කාඩ්පත සාම්ප්‍රදායික ‘Cashback’ සහ ‘Airline Miles’ වැනි ප්‍රතිලාභ වෙනුවට “AI ටෝකන” (AI tokens) ලබා දෙයි. කෘතිම බුද්ධිය (AI) ඩිජිටල් බැංකුකරණයේ හදවත බවට පත් කරන මෙම පෙරළිකාර හඳුන්වාදීම පිටුපස ඇති තාක්ෂණය සහ සත්‍ය තොරතුරු Pariganaka.com අපි මෙලෙස ගෙන එන්නෙමු.
“AI ක්‍රෙඩිට් කාඩ්පත” යනු කුමක්ද?
මෙහිදී කතාබහට ලක්වන ප්‍රධානතම කාඩ්පත වන්නේ, ජනප්‍රිය Kimi intelligent chatbot නිර්මාණය කළ චීනයේ Moonshot AI ආයතනය විසින් හඳුන්වා දුන් Kimi Credit Card පතයි. Moonshot AI සමාගම චීනයේ ප්‍රධාන රාජ්‍ය බැංකුවක් සහ ජාත්‍යන්තර කාඩ්පත් සංවිධානයක් සමඟ එක්ව මෙය වෙළඳපොළට ගෙනැවිත් තිබේ. මෙය නිල වශයෙන් ලොව ප්‍රථම “AI-native credit card” ලෙස හැඳින්වේ.
මෙමගින් පාරිභෝගිකයින්ට ඔවුන් සිදුකරන සෑම මිලදී ගැනීමකදීම AI පරිගණක බලය (AI compute credits) උපයාගත හැකිය. පාරිභෝගික මූල්‍ය ක්ෂේත්‍රය සහ AI සේවා කර්මාන්තය එකට යා කරමින් නිර්මාණය වූ ප්‍රථම භෞතික ණය කාඩ්පත මෙය වීම විශේෂත්වයකි. පරිශීලකයා සිදුකරන සෑම ගනුදෙනුවක් සඳහාම වැය කරන මුදලට සමානුපාතිකව ‘AI compute credits’ හිමි වන අතර, මෙම ක්‍රෙඩිට් මගින් Kimi පද්ධතිය තුළ කාර්යබහුල වේලාවන්හිදී ප්‍රමුඛතාව (priority access), අමතර Agent task capacity සහ විශේෂ පහසුකම් සෘජුවම ලබා ගත හැකිය.
බුද්ධිමත් මූල්‍ය සහායකයෙකු ලෙස ක්‍රියා කිරීම
මෙම කාඩ්පත හුදෙක් ගනුදෙනු සඳහා පමණක් සීමා නොවේ. Kimi AI ආකෘතිය හරහා පරිශීලකයින්ට තමන්ගේ වියදම් පිළිබඳව ස්වභාවික භාෂාවෙන් (natural language queries) ප්‍රශ්න ඇසීමට, ණය ආපසු ගෙවීමේ සැලසුම් සකස් කිරීමට සහ සැක සහිත ගනුදෙනු හඳුනා ගැනීමට හැකියාව ලබා දෙයි. උදාහරණයක් ලෙස, පසුගිය මාසයට වඩා මේ මාසයේ යම් කාණ්ඩයක් සඳහා වූ වියදම් සංසන්දනය කරන ලෙස හෝ පොලිය අඩු කරගැනීම සඳහා ගෙවීම් සැලසුමක් සාදා දෙන ලෙස AI ගෙන් ඉල්ලා සිටිය හැක.
දත්ත රහස්‍යභාවය සහ ණය ලබා දීමේ නව ක්‍රමවේද
මෙම නවෝත්පාදනය පුද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි. පරිශීලකයෙකුගේ එදිනෙදා සම්පූර්ණ ගනුදෙනු ඉතිහාසය සෘජුවම AI language model එකකට ලබා දීමෙන් දැවැන්ත දත්ත සංචිතයක් නිර්මාණය වේ. අනෙක් අතට, සාම්ප්‍රදායික ණය ඉතිහාසයක් (Credit History) නොමැති පුද්ගලයින්ට වුවද, ඔවුන් AI සමඟ සිදුකරන අන්තර්ක්‍රියා මත පදනම්ව ණය ලබාදීමේ (Credit Scoring) විකල්ප ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටද මෙය භාවිතා විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙයි.
මෙය ලොව පවතින එකම AI ක්‍රෙඩිට් කාඩ්පතද?
Moonshot AI හි Kimi කාඩ්පත ප්‍රථම ස්ථානය ගත්තද, චීනයේ “AI Plus” උපායමාර්ගය යටතේ මේ වන විට වෙනත් බැංකුද මෙම තාක්ෂණය භාවිතා කිරීමට පටන් ගෙන ඇත. උදාහරණයක් ලෙස, 2026 ලෝක කෘතිම බුද්ධි සමුළුවේදී Ping An බැංකුව විසින් AI computing සම්පත් ප්‍රතිලාභයක් ලෙස ලබා දෙන ඔවුන්ගේම AI ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙන ලදී.
AI මූල්‍යකරණයේ (Tokenized AI Finance) යුගය දැන් නිල වශයෙන් ආරම්භ වී ඇති බව මින් පැහැදිලි වේ. Kimi AI ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීමෙන් තහවුරු වන්නේ, අනාගතයේදී AI පරිගණක බලය යනු සාමාන්‍ය මුදල් තරමටම වටිනා සම්පතක් බවට පත්වන බවයි.


Leave a Reply