දත්ත මධ්‍යස්ථාන (Data Centres) හේතුවෙන් සිදුවන අධික විදුලි හා ජල පරිභෝජනය මෙන්ම පාරිසරික ගැටලු මුල්කරගෙන ඊට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතී. එහෙත් අන්තර්ජාලයේ සහ කෘත්‍රිම බුද්ධියේ (AI) අනාගත පැවැත්ම සඳහා මෙම මධ්‍යස්ථාන අත්‍යවශ්‍ය යැයි මෙතෙක් කල් විශ්වාස කෙරිණි. කෙසේ වෙතත්, සිලිකන් නිම්නයේ ප්‍රබල තරඟකරුවන් දෙපළක් වන Apple සහ Meta සමාගම් එක්ව මෑතකදී හඳුන්වා දුන් නවතම තාක්ෂණික පියවරත් සමග, සම්පූර්ණයෙන්ම ක්ලවුඩ් (Cloud) සර්වර් මත යැපීම වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔබේ පරිගණකයටම එන Open-Weight AI මාදිලි BBC පුවත් සේවයේ ‘AI Decoded’ වැඩසටහනේදී විද්වතුන් පෙන්වා දුන් පරිදි, මෙම දැවැන්ත සමාගම් දෙක එක්ව ක්ලවුඩ් සර්වර් වෙනුවට සෘජුවම ඩෙස්ක්ටොප් පරිගණක (විශේෂයෙන් Apple පරිගණක) මත ධාවනය කළ හැකි ප්‍රබල ‘Open-weight’ AI මාදිලියක් එළිදක්වා ඇත. AI තාක්ෂණයේ ප්‍රධාන මාදිලි තුනක් පවතී:

  • Closed Models: ChatGPT හෝ Claude වැනි මාදිලි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාලය හරහා ක්ලවුඩ් සර්වර් වලිනි.
  • Open-Source Models: සම්පූර්ණ දත්ත සහ කේත සැමට විවෘත වන අතර පරිශීලකයින්ට නිදහසේ වෙනස්කම් කළ හැක.
  • Open-Weight Models: මූලික පුහුණු දත්ත රහසිගතව තබා ගත්තද, අවසන් AI මාදිලිය පරිශීලකයාගේ පරිගණකයටම බාගත කරගෙන (Download) භාවිත කිරීමට මෙයින් අවස්ථාව හිමිවේ.

ව්‍යාපාරික උපක්‍රම සහ පරිශීලක පෞද්ගලිකත්වය තාක්ෂණික දියුණුවට අමතරව මෙය Apple සහ Meta සමාගම්වල දැවැන්ත උපායමාර්ගික පියවරකි. මෙම තාක්ෂණය හරහා පරිශීලක දත්ත ක්ලවුඩ් වෙත යැවීම වෙනුවට තම දුරකථනය, ලැප්ටොප් පරිගණකය හෝ ස්මාර්ට් ඔරලෝසුව තුළම AI ක්‍රියාත්මක වේ. මේ හරහා පරිශීලක පෞද්ගලිකත්වය (Privacy) ඉහළම මට්ටමකින් තහවුරු කළ හැකි බව ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරික තුරුම්පුව බවට පත්ව ඇත.

පිරිවැය සහ ප්‍රායෝගිකත්වය පෞද්ගලිකත්වය අතින් මෙය වාසිදායක වුවද, බිලියන ගණනක පරාමිතීන් (parameters) සහිත AI මාදිලි තම පරිගණකයේ ධාවනය කිරීමට විශාල මතක ධාරිතාවක් සහ අතිශය මිල අධික දෘඩාංග අවශ්‍ය වේ. එබැවින් සාමාන්‍ය පාරිභෝගිකයින්ට වඩා මෙය දැනට ආයතනික මට්ටමේ සංවර්ධකයින්ට සීමා වී ඇත. කෙසේ වෙතත්, අනාගතයේදී සම්පූර්ණයෙන්ම ක්ලවුඩ් මත යැපීම වෙනුවට විශාල දත්ත මධ්‍යස්ථාන සහ පුද්ගලික උපාංග මත ක්‍රියාත්මක වන AI යන දෙකෙහිම සංකලනයක් දැකගත හැකි වනු ඇත.

අනාගත අවදානම සහ සමාජයේ බිය ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට එරෙහි මහජන විරෝධය හුදෙක් පරිසර ගැටලුවක් පමණක් නොව, වේගයෙන් වර්ධනය වන AI තාක්ෂණයේ අවදානම පිළිබඳව සමාජයේ පවතින බිය පිළිබිඹු කරන බවයි. නිසි නියාමනයකින් තොරව සිදුවන මෙම තාක්ෂණික තරගය හමුවේ, අප නොදැනුවත්වම දැවැන්ත අවදානමකට මුහුණ දෙමින් සිටින බවට තාක්ෂණික ලෝකයේ ප්‍රවීණයෝ අනතුරු අඟවති.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *