විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර වෘත්තීය ලෝකයට පිවිසීම වෙන කවරදාටත් වඩා අභියෝගාත්මක වී තිබේ. කෘත්‍රිම බුද්ධිය (AI) විසින් මින් පෙර ප්‍රවේශ මට්ටමේ වෘත්තිකයන් විසින් සිදු කළ කාර්යයන් වැඩි වශයෙන් ස්වයංක්‍රීයව සිදු කිරීම ඊට ප්‍රධානතම හේතුවයි.
ප්‍රවේශ මට්ටමේ රැකියා සීමා වීම බොහෝ නව උපාධිධාරීන්ට, විශේෂයෙන්ම උසස් තාක්ෂණික උපාධි ඇති අයට පවා, සිය පළමු රැකියාව සොයා ගැනීම දැඩි වෙහෙසකර ක්‍රියාවලියක් බවට පත්ව ඇත. ජර්මනියේ පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක වන සායි ප්රණවි (Sai Pranavi) රැකියා අයදුම්පත් 300කට වඩා යොමු කළද ඇයට සාර්ථක ප්‍රතිචාර ලැබුණේ ඉතා අල්ප වශයෙනි. මෙය ඇයට පමණක් සීමා වූ තත්ත්වයක් නොවේ. බොහෝ සේවා යෝජකයින් කනිෂ්ඨ (junior) රැකියා අවස්ථා AI මෙවලම් මගින් ප්‍රතිස්ථාපනය කරමින් සිය සේවක සංඛ්‍යාව සීමා කරමින් සිටී. සමාගම් සේවකයින් විශාල වශයෙන් ඉවත් කරනවාට වඩා නව බඳවා ගැනීම් මන්දගාමී කර ඇති අතර, මෙයින් වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ රැකියා වෙළඳපොළට අලුතින් පිවිසෙන තරුණ පරපුරයි.
නව රැකියා වෙළඳපොළට අවශ්‍ය කුසලතා Generative AI හි වර්ධනයත් සමඟ සමාගම් විසින් නව සේවකයින්ගෙන් බලාපොරොත්තු වන කුසලතා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. මෘදුකාංග සංවර්ධනය (software development) වැනි ක්ෂේත්රවල සාමාන්‍ය ක්‍රමලේඛන (routine programming) කාර්යයන් දැන් AI මගින් පහසුවෙන් සිදු කෙරේ. මේ නිසා සාම්ප්‍රදායික ක්‍රමලේඛන කුසලතා පමණක් තවදුරටත් ප්‍රමාණවත් නොවේ. සම්ප්‍රදායික ක්‍රමවේදයන් මත පමණක් යැපෙන නව උපාධිධාරීන්ට මෙම තරගකාරී වෙළඳපොළ තුළ රැඳී සිටීම අපහසු වනු ඇත. රැකියා ක්ෂේත්රය තුළ රැඳී සිටීමට නම්, නව වෘත්තිකයන් වත්මන් AI තාක්ෂණයන් සමඟ ප්‍රායෝගිකව වැඩ කිරීමට හුරුවිය යුතු අතර එම තාක්ෂණයන්ට අනුපූරක වන කුසලතා ගොඩනඟා ගත යුතුය. අවසාන වශයෙන්, AI මගින් සම්පූර්ණයෙන්ම රැකියා අහිමි කරනවාට වඩා රැකියාවන් සිදු කරන ආකාරය වෙනස් කරනු ඇති අතර, සේවකයින් මෙම නව ක්‍රමවේදයන්ට අනුගත විය යුතුය.
අධ්‍යාපනයේ කාර්යභාරය සේවා ස්ථානවලට AI තාක්ෂණය වේගයෙන් ඒකාබද්ධ වීමත් සමඟ උසස් අධ්‍යාපන පද්ධතියේ පවතින විශාල හිඩැසක් ඉස්මතු වී ඇත. බොහෝ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා නව තාක්ෂණයට අනුගත වීමට ප්‍රමාද වී ඇති අතර, ඩිජිටල්කරණය, ස්වයංක්‍රීයකරණය සහ AI තවමත් ඔවුන්ගේ විෂය නිර්දේශයන් තුළ ප්‍රමාණවත් ලෙස ආවරණය නොවේ. සිසුන්ට AI සමඟ ප්‍රායෝගිකව කටයුතු කිරීමට හැකි වන පරිදි අධ්‍යාපන ආයතනවල විෂය නිර්දේශයන් කඩිනමින් යාවත්කාලීන විය යුතු බව විශේෂඥයින්ගේ මතයයි. එමගින් මෙම තාක්ෂණික පෙරළිය අභියෝගයක් කරගන්නවා වෙනුවට ඵලදායිතාව සහ නවෝත්පාදනය සඳහා අවස්ථාවක් බවට පත් කර ගත හැක.
ඉදිරි ගමන් මඟ වර්තමාන තත්ත්වය අභියෝගාත්මක වුවද, එය සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු රහිත නොවේ. මෙම නව යුගයේ සාර්ථකත්වය සඳහා නොපසුබට උත්සාහය සහ නව කුසලතා අඛණ්ඩව ඉගෙනීමට ඇති කැමැත්ත අත්‍යවශ්‍ය වේ. සියලු අභියෝග මැද ප්රණවි අවසානයේ රැකියාවක් ලබා ගැනීමෙන් පැහැදිලි වන්නේ, නොපසුබට උත්සාහය සහ AI ආශ්රිත නව කුසලතා ඉගෙනීමට ඇති සූදානම අද වන විට රැකියා වෙළඳපොළ ජයගැනීමේ සාර්ථකම උපායමාර්ගය බවයි.


Leave a Reply