මිනිස් ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවහොත්, අප මෙතෙක් කල් කළේ “මෙවලම්” (Tools) භාවිතා කිරීමයි. ගල් යුගයේ ගල් පොරවේ සිට නූතන පරිගණකය දක්වාම ඒවා ක්‍රියා කළේ එකම මූලධර්මයක් මතයි: “අපි අතගෑවොත් විතරක් ඒවා වැඩ කරයි.”
- මිටියක් ගත්තොත්, ඇණේට ගහන්න ඕන අපිමයි.
- කැල්කියුලේටරයක් ගත්තොත්, ඉලක්කම් ඔබන්න ඕන අපිමයි.
- සොෆ්ට්වෙයාර් (Software) එකක් ගත්තොත්, මවුස් එක හොල්ලන්න ඕන අපිමයි.
නමුත් අද, 2026 දී අපි මේ දකින්නේ මානව ඉතිහාසයේ ලොකුම අත්හැරීමයි. අපි දැන් නිර්මාණය කරමින් ඉන්නේ අජීවී මෙවලම් නෙවෙයි; ස්වාධීන නියෝජිතයින් (Agents).
මෙවලම සහ ඒජන්තයා අතර වෙනස (Tool vs. Agent)
සරල උදාහරණයක් බලමු.
1. AI මෙවලමක් (AI Tool – 2023 යුගය): ඔබ ChatGPT ට කියනවා, “නිවාඩු ඉල්ලලා බොස්ට යවන්න ඊමේල් එකක් ලියලා දෙන්න” කියලා. එය ලියුම ලියනවා. හැබැයි ඒක කොපි කරලා, ඊමේල් එකට දාලා, බොස්ගේ ලිපිනය හොයලා, Send බොත්තම ඔබන්න ඕන ඔබමයි. (මෙහිදී AI එක කළේ භාෂාව හසුරුවන එක විතරයි. ක්‍රියාව කළේ ඔබයි.)
2. AI ඒජන්තයෙක් (AI Agent – 2026 යුගය): ඔබ ඔබේ AI ඒජන්තයාට කියනවා, “මට ලබන සතියේ නිවාඩුවක් ඕන” කියලා. එච්චරයි. එතැන් සිට ක්‍රියාත්මක වන ඒජන්තයා:
- ඔබේ දින දර්ශනය (Calendar) පරීක්ෂා කරලා නිවාඩු දවස් තෝරා ගනී.
- කාර්යාලයේ HR සිස්ටම් එකට ලොග් වෙලා නිවාඩු ඉල්ලයි.
- බොස්ට ඊමේල් යවයි.
- ඔබ නැති අතරේ හදිසි වැඩක් ආවොත් බලාගන්න කියලා සහකරුට පණිවිඩ යවයි.
- අන්තිමට ඔබට මැසේජ් එකක් එවයි: “වැඩේ හරි, නිවාඩුව අනුමත වුණා.”
මෙවලම එතනම ඉන්නවා; ඒජන්තයා වැඩේ ඉවර කරලා එනවා.
The Final Human Update: අපි ‘ක්‍රියාකරුවන්’ නොව, ‘කළමනාකරුවන්’ ය
මෙය තමයි අපි කතා කරන “Final Human Update” එක. අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිසාගේ කාර්යභාරය වුණේ “කිරීම” (Doing). අපි ගොවිතැන් කළා, මැෂින් පැදවූවා, කෝඩින් (Coding) කළා.
නමුත් මේ අලුත් යුගයේදී, මිනිසාගේ කාර්යභාරය වන්නේ “අවශ්‍ය දේ කීම” (Defining the Goal) පමණයි. ඔබ තවදුරටත් රියදුරා (Driver) නෙවෙයි; ඔබ තමයි ගමනාන්තය කියන මගියා (Passenger).
පරිගණකය සොයා ගැනීමෙන් පස්සේ සිදුවුණු ලොකුම පෙරළිය මෙයයි. ඔබ සූදානම්ද ඔබේ අලුත් “ඩිජිටල් සේවකයා”ට වැඩ පවරා නිදහස් වන්නට?


Leave a Reply